Wednesday, 14 August 2019

ආදරය කිරීම වරදක් ද?


ආදරය කිරීම වරදක් ද?




සමරිසි බව රිසි නොවනා රටවල්

පසුගිය දිනක බෘනායි රාජ්‍ය  සමලිංගික සබඳතා සහ කාමමිථ්‍යාචාරය සඳහා දඩුවම් කිරීමට  කුරිරු නීති පැනවීය. එනම් සමලිංගික සබඳතා වෙනුවෙන් මරණ දඩුවම , කාමමිථ්‍යාචාරය වෙනුවෙන් ගල් ගසා මැරීමය. මෙම පුවත ජාත්‍යන්තර අවධානය යට ලක් විමත් සමඟ   බෘනායි රාජ්‍යට අයත් ඩෝර්චෙස්ටර් හෝටල් දාමය වර්ජනය කරන ලෙස ඉල්ලා සිටියහ. සමලිංගිකත්වය ලොව බොහෝ රටවල නිතියෙන් තහනම් ය.සමලිංගිකත්වයට  මරණීය දණ්ඩනය නියම කළ රාජ්‍ය  ගණන අවම  වුවත්, බොහෝ රටවල්වල  වැරදිකරුවන්ට දඩ ගැසීම්, සිර දඩුවම්, පහරදීම් සහ ජීවිතාන්තය දක්වා සිර ගත කිරිම් වැනි දඩුවම්  නියම කළ හැකිය.
යම් රටක නීති දැඩි ලෙස ක්‍රියාත්මක නොවුනත්, ඒවා සාමාන්‍යයෙන් LGBTQ පුරවැසියන්ට තර්ජනය කිරීමට සහ වෙනස් කොට සැලකීමට යොදා ගනී. “සමලිංගික සම්බන්ධතා අපරාධයක් ලෙස තර්ක කිරීමට ඉඩක් නැතයැයි එක්සත් ජාතීන්ගේ ස්වාධීන ප්‍රකාශකයෙකු වන වික්ටර් මැඩ්රිගල්-බෝර්ලෝස් පැවසීය.  අනුව ILGA ,( ජාත්යන්තර සමලිංගික ගැහැණු , සමලිංගික පිරිමි , ද්විලිංගික, සංක්‍රාන්ති ලිංගික  හා අන්තර් ලිංගික උපදේශන) කණ්ඩායම්වලට අනුව,රාජ්‍ය 72ක්  තුළ  තවමත්  සමලිංගික  ක්‍රියාකලාප දඩුවම් ලැබිය හැකි  අපරාධයකි . 

සමලිංගිකත්වය දඩුවම් ලැබිය හැකි වරදක් ලෙස නිතිගත කර ඇති රාජ්‍ය පහත දැක්වේ.




ඇෆ්ගනිස්ථානය
       උපරිම දඩුවම ,
  මරණ දඩුවම
ඇල්ජීරියාව
   වසර් 3ක් සිරගත කිරීම
   දඩය ඩිනාර් 10000
ඇන්ටිගුවා සහ බාබුඩා
    වසර 15ක් සිරගත කරයි .
බංග්ලාදේශ
     ජිවිතාන්තය තෙක් සිරදඬුවම් පැමිණවී


බාබඩෝස්
   ජිවිතාන්තය තෙක් සිරගත කිරීම
භූතානය
   වසරක් සිරගත කරයි
බෘනායි
   ගල් ගසා මරා දමයි.
බුරුන්ඩි
   වසර 2ක් සිරගත කරයි
   දඩය බුරැන්ඩි 100000
කැමරූන්
   වසර 5ක් සිරගත කරයි.
   දඩය 200000


චැඩ්
වසර 2ක් සිරගත කරයි
දඩය 500000යි.
කොමරෝස්
වසර 5ක් සිරගත කරයි
දඩය 10000000යි.


කූක් දුපත්
වසර 7ක් සිරගත කරයි .
ඩොමිනිකා
වසර 12ක් සිරගත කරයි .

ඊජිප්තුව
වසර 3ක් සිරගත කරයි
දඩය ලීර 3000
එරිත්‍රියා
වසර 3ක් සිරගත කරයි
එස්වටිනි
සිරගත කරයි
ඉතියෝපියාව
1 වසරක් සිරගත කරයි
ගානා
වසර 3ක් සිරගත කරයි .
 ග්‍රෙනාඩා
වසර 10ක් සිරගත කරයි .
ගිනියා
වසර 3ක් සිරගත කරයි
දඩය 1000000යි
ගයනා
ජිවිතාන්තය තෙක් සිරගත කරයි
ඉන්දුනීසියාව
වසර 8ක් සිරගත කරයි .
කස පහර 100යි
ඉරානය
මරණ දඩුවම
ඉරාකය
මරණ දඩුවම
ජැමෙයිකාව
බරපතළ වැඩ සහිත වසර 10ක් සිරගත කරයි .
මැලේසියාව
වසර 20ක් සිරගත කරයි .
කස පහර ලබා දෙයි.
මාලදිවයින
වසර 8ක් සිරගත කරයි .
කස පහර 100යි

මියන්මාරය
වසර 10ක් සිරගත කරයි
කෙන්යාවේ
වසර 14ක් සිරගත කරයි
කිරිබාති
වසර 14ක් සිරගත කරයි

කුවේට්
වසර 7ක් සිරගත කරයි .
ලයිබීරියාව
වසර 1ක් සිරගත කරයි
ලිබියාව
වසර 5ක් සිරගත කරයි
ලෙබනනය
වසර 6ක් සිරගත කරයි
මලාවි
වසර 14ක් සිරගත කරයි .
මොරිටේනියාව
ගල්ගසා මරයි
මොරිෂස්
වසර 5ක් සිරගත කරයි
මොරොක්කෝව
වසර 3ක් සිරගත කරයි
දඩය 1000 (Dirhams)
නැමීබියාව
නිශ්චිත දඩුවමක් නැත
නයිජීරියාව
ගල් ගසා මරයි.
ඕමානය
වසර 3ක් සිරගත කරයි
පාකිස්තාන
ගල්ගසා මරයි.
පලස්තීනය
වසර 10ක් සිරගත කරයි
පැපුවා නිව්ගිනියාව
වසර 14ක් සිරගත කරයි
කටාර්
ගල් ගසා මරයි.


සැමෝවා
වසර 5ක් සිරගත කරයි
සවුදි අරාබිය
එල්ලා මරයි.
සෙනෙගල්
වසර 5ක් සිරගත කරයි
දඩය 1500000 (west african francs)

සියෙරා ලියොන්
ජිවිතාන්තය තෙක් සිරගත කරයි
සිංගප්පූරු
වසර 2ක් සිරගත කරයි
සොලමන් දූපත්
වසර 14ක් සිරගත කරයි
සෝමාලියාව
මරණ දඩුවම
දකුණු සුඩානය
වසර 14ක් සිරගත කරයි
සුඩානය
මරණ දඩුවම
ශ්‍රී ලංකාව
වසර 10ක් සිරගත කරයි .දඩයක් ඇතුළු ව
ශාන්ත කිට්ස් සහ නෙවිස්
බරපතළ වැඩ සහිත වසර 10ක් සිරගත කරයි
ශාන්ත ලුසියා
වසර 10ක් සිරගත කරයි
ශාන්ත වින්සන්ට් සහ ග්‍රෙනඩින්ස්
වසර 10ක් සිරගත කරයි
සිරියාවේ
වසර 3ක් සිරගත කරයි
ස්වාසිලන්තය
ටැන්සානියා
ජිවිතාන්තය තෙක් සිරගත කරයි

ගැම්බියා
ජිවිතාන්තය තෙක් සිරගත කරයි
ටෝගෝ
වසර 3ක් සිරගත කරයි දඩය 500000යි
ටොංගා
වසර 10ක් සිරගත කරයි
ටියුනීසියාව
වසර 3ක් සිරගත කරයි
ටර්ක්මෙනිස්තාන්
වසර 2ක් සිරගත කරයි
ටුවාලු
වසර 14ක් සිරගත කරයි
උගන්ඩාව
ජිවිතාන්තය තෙක් සිරගත කරයි
එක්සත් අරාබි එමීර් රාජ්‍යය
මරණ දඩුවම්
උස්බෙකිස්තානය
වසර 3ක් සිරගත කරයි
යේමන්
මරණ දඩුවම
සැම්බියා
ජිවිතාන්තය තෙක් සිරගත කරයි
සිම්බාබ්වේ
වසර 1ක් සිරගත කරයි .දඩයක් ඇතුළු ව



v     72 යි
රාජ්‍ය 72ක අධිකරණ බලය යටතේ , සමලිංගික ලිංගික ක්‍රියාකාරකම් දඩුවම් ලැබිය හැකි වරදකි.   මෙම අධිකරණ බලයන්ගෙන් බහුතරයක් පුරුෂයින් අතර ලිංගිකත්වය (GAY)පැහැදිලිවම අපරාධයක් ලෙස නම් කර ඇත.
.
v     44 යි
රාජ්‍ය 44ක් තුළ සමලිංගික කාන්තා සබඳතා(Lesbian) ,ලිංගික ක්‍රියාකාරකම් අධිකරණ බලය යටතේ අපරාධයකි .එවැනි ක්‍රියාකාරකමක නිරත වන සමලිංගික හො ද්විලිංගික කාන්තාවක අත් අඩංගුවට ගෙන දඩුවම් කල හැකිය .

v     12
රාජ්‍ය 12ක සමලිංගික ක්‍රියාකාරකම් වලට දඩුවම් ලෙස මරණීය දණ්ඩනය නියම කල හැකිය . අධිකරණ බලය තුළ රාජ්‍ය 6ක  (ඉරානය, උතුරු නයිජීරියාව, සවුදි අරාබිය, සෝමාලියාව, සුඩානය සහ යේමනය යන රාජ්‍ය වල) මරණ දඩුවම  ක්‍රියාත්මක කරන අතර මරණීය දණ්ඩනය ඇෆ්ගනිස්ථානය, මොරිටේනියාව, පකිස්ථානය, කටාර් සහ එක්සත් අරාබි එමීර් රාජ්‍යවලද මරණ දඩුවමට නීතිමය හැකියාවක් ඇත. මෑත වසරවලදී ඉරාකයේ සහ සිරියාවේ ISIS පාලනය යටතේ පැවති ප්‍රදේශවල මරණ දඩුවම ක්‍රියාත්මක වී තිබේ.
v     15
රාජ්‍ය 15ක අධිකරණ බලය තුළ  ස්ත්‍රී පුරුෂ අනන්‍යතාවය සහ / හෝ සංක්‍රාන්ති ලිංගිකයින්ගේ ප්‍රකාශනය අපරාධකරණය කරයි. ඊනියා ,ව්‍යාජ ලෙස පෙනී සිටීම, සහ වෙස්වළා ගැනීම යනාදී තත්ත්ව යටතේ සංක්‍රාන්ති සමාජභාවයට පත්වෙන පුද්ගලයින් ද දඩුවම් කරුණු ලබයි .



සිතන්න,ආදරය කිරීම වරදක් ද?
සමලිංගිකයෙකුට  ආදරය කිරීම එල්ලා මැරීමට  තරම් වු දරුණු අපරාධයක් ද?
සමලිංගික විවාහ ගල් ගැසිය යුතු අපරාධයක් ද?
ආදරය හදවතේ ගැඹුරින් ඇති වන්නා වු අහිංසක හැගීමකි. එකී හැගීමට ලිංගිකත්වය අදාළ ම නැත .අනෙක් අතට ජාති,ආගම්,ලිංග භේද සොයමින් සැබැ ආදරයක් ඇතිවිය හැකිද ? එසේනම් එය ආදරය නොවේ ගණුදෙනුවක් පමණි .
සියල්ලෝ  මවන්නේ දෙවියන් නම්, සමලිංගික හෝ සංක්‍රාන්ති ලිංගික පුද්ගලයින් මවනු ලැබුවේ කවුරුන් ද?
මෙය අත්වැරද්දක් නොව,
ලෝක දහමයි..
මානසික රෝගයක් නොව
මානව  යථාර්ථයකි ….