ඔබ සමලිංගික
භීතිකාවෙන් පෙලෙන්නෙක් ද ?
සමලිංගික එහෙමත් නැත්නම් homosexual කියලා කියන්නේ
ලංකාවේ අපිට ඒ තරම් දිරවන් නැති සංකල්පයක්
. හැබැයි එහෙමයි කියලා අපිට සමලිංගික ප්‍රජාව
පිලිබඳව අවතක්සේරු කරන්න හෝ ඔවුන් මෝඩයන් කියල සලකන්න කිසිම මානුෂීය අයිතියක් නැහැ
මොකද ඔවුනුත් අපි වගේම මනුෂ්‍යයන්ය . සමලිංගික
භීතිකාව (homosexual phobia ) කියලා කියන්නේ
සමලිංගිකත්වය පිළිබඳව දක්වන බිය, චකිතය, පිළිකුල යනාදීයයි. එහෙම බලනකොට ලංකාවේ බහුතරයකට සමලිංගික භීතිකාව
තියෙනවා කියලා කිව්වොත් නිවැරදියි. Journal of Sex Medicine සඟරාවේ ඩොක්ටර්
Emmanuele Janini පවසන්නේ, සමලිංගික
භීතිකාව කියලා කියන්නේ සදාචාරය හා සංස්කෘතිය සමඟ බැඳුණු රෝගයක් බවයි. ඔබ ලෝකයට බය නම් ඔබ ලෝකය දෙස බලන්නේ භයානක තැනක් කියන විශ්වාසය මත, ඒ වගේම තමයි ඔබ සමලිංගිකත්වය පිළිකුල් කරන්නෙක් නම් ඔබ
සමලිංගිකයන් දෙස බලන්නේ ද ඒ පිළිකුල සහ අප්‍රසාදය මතයි. නමුත් ඒ පිළිකුලක් හෝ
අප්‍රසාදයක් නොවෙයි තවත් එක් ලිංගික දිශානතියක් බව අප අමතක නොකළ යුතුයි.
ඇත්තටම
සමලිංගිකත්වය කියලා කියන්නේ මානසික ලෙඩක් ද?
නැහැ .
සමලිංගිකත්වය
කියලා කියන්නේ මානසික ලෙඩක් නෙමෙයි. සමලිංගිකත්වය
කියලා කියන්නේ ඇබ්බැහියක් නෙවෙයි. සමලිංගිකත්වය
කියලා කියන්නේ අසම්මත යෙකුත් නෙමෙයි. අසම්මත වෙන්නේ ඔබ එක දිහා බලන ක්‍රමයට
සාපේක්ෂවයි.
1973 දී ඇමෙරිකානු
මනෝ චිකිත්සක සංගමය විසින් සමලිංගිකත්වය මානසික රෝගී ලයිස්තුවෙන් ඉවත් කලහ. එලෙස ඉවත් කරමින්
ඔවුන් පැවසුවේ , සමලිංගික පුද්ගලයන් අනෙක් පුද්ගලයන් හා සමානව
මනා සෞඛ්‍ය තත්ත්වයකින් සිටින බවත්, කිසිදු
මානසික රෝගී තත්ත්වයක් පෙන්නුම් නොකරන බවත් ය.
මීට අමතරව 1967 දී බ්‍රිතාන්‍ය
පාර්ලිමේන්තුව ඉදිරිපත් කරන වාර්තාවක් හරහා සමලිංගිකත්වය තවදුරටත් රෝගයක් හෝ
මානසික ආබාධයක් නොවන බව තහවුරු විය. ඔවුන් පෙන්වා දෙන ආකාරයට සමලිංගිකයන්ට ඇති එකම රෝග ලක්ෂණය වන්නේ
සමලිංගිකත්වය වන අතර ඔවුන් මානසික අතින් පූර්ණ සෞඛ්‍ය තත්ත්වයක පසුවේ. ඒ අනුව බ්‍රිතාන්‍ය
තුළ එතෙක් අඛණ්ඩව පැවැති සමලිංගිකත්වය අපරාධයක් හෝ සමලිංගිකත්වය නීතියෙන් තහනම් ය
යන පදනම ඒ හරහා අහෝසි කලේය. එරට තුළ නීතිමය
වශයෙන් සමලිංගිකත්වය පිළිගැනීමට ලක්වේ. බ්‍රිතාන්‍ය
විසින් සකස් කරන ලද නීති සංග්‍රහයක් පවතින ලංකාව තුළ තවමත් සමලිංගිකත්වය අපරාධයකි .
මීට අමතරව 2011දි මානව
හිමිකම් කවුන්සලය විසින් පළමු වතාවට සමලිංගික පුද්ගල අයිතිවාසිකම් පිළිබඳ යෝජනාවක්
සම්මත කර ගනි.
මේ හැමදේකින්ම අපිට පැහැදිලි වන්නේ සමලිංගිකත්වය
කියලා කියන්න ඇත්තටම මානසික ලෙඩක් නෙමෙයි, ඒක එක්තරා
ලිංගික දිශානතියක් පමණයි කියන දෙයයි.
සමලිංගිකත්වය කියලා කියන්නේ අලුතෙන් ම ආපු සංකල්පයක්ද?
සමලිංගිකයන් පිළිබඳ ඉතිහාසය මායා ඇස්ටෙක් වැනි
පුරාණ ශිෂ්ටාචාර දක්වා දිව යනවා. ස්පාඤ්ඤ ජාතිකයන් විසින් ලතින් ඇමරිකානු මායා, ඇස්ටෙක් ශිෂ්ටාචාර
ආක්‍රමණය කරන කාලය වන විට එම ශිෂ්ටාචාර තුල සමලිංගිකයන් සිටි බවට වාර්තා වේ. මීට අමතරව චීනය , ග්‍රීසිය ,අප්‍රිකාව තුළ සමලිංගිකයන් සිටි බවට පැහැදිලි සාධක හා සාක්ෂි හමුවී ඇත.
සමලිංගිකත්වය කියලා කියන්නේ විසිඑක්වන සියවසේ
පහළ වූ අමුතු අසභ්‍ය සංකල්පයක් දෙයක් නොවේ. අතීතයේ සිට පැවත එන කාරණාවකි. 1917 රුසියානු
විප්ලවය ජය ගැනීමෙන් පසු එතෙක් සාර් පාලනය විසින් වරදක් ලෙස සම්මත කර තිබූ
සමලිංගිකත්වයට නෛතිකමය අයිතිය හිමිවෙනවා. නමුත්
නැවත ස්ටාලින් බලයට පැමිණීමෙන් පසුව
රුසියාව තුල සමලිංගිකත්වය නැවතත් නීතිමය වරදක් බවට
පත්වේ.
සමලිංගිකත්වය අදාල වෙන්නේ මිනිස්සුන්ට විතරද?
නැහැ.
සතුන් තුළත්
සමලිංගිකත්වය කියන දේ යම් යම් අවස්ථාවලදී අපිට දකින්නට හැකියාව තියෙනවා. 1999 දී කරන ලද පර්යේෂණයකට
අනුව සත්ත්ව විශේෂ 1500ක පමණ
සමලිංගික චර්යාවන් හඳුනා ගෙන ඇත. ඒ අනුව
සමලිංගිකත්වය යනු මිනිසාට පමණක් ම අදාළ වන්නක් නොවන බව පැහැදිලියි.
සමලිංගිකත්වය
සුවපත් කළ හැකිද
බැහැ.
සමලිංගිකත්වය
කියලා කියන්නේ රෝගයක් නෙමෙයි. ඒ වගේම
සමලිංගික පුද්ගලයන් විෂමලිංගිකයින් බවට පරිවර්තනය කිරීමටද හැකියාවක් නැහැ. මෙහිදී අවධාරණය කළ
යුත්තේ ද්විලිංගික පුද්ගලයින්ට මනෝ චිකිත්සක උපදේශන හරහා ඔවුන්ව විෂම ලිංගිකයන් බවට පත් කිරීමේ යම්
හැකියාවක් පැවතුනත් සමලිංගික පිරිමින්, සමලිංගික ගැහැණු විෂම
ලිංගිකයන් බවට පත් කිරීමේ හැකියාවක් නොමැති බවයි .
2002 කරන ලද පර්යේෂණයකට අනුව ඒරියල් ශිඩ්ලෝ, ශ්‍රී මයිකල් ස්කෝඩර්
යන මනෝවිද්‍යාඥයින් විසින් ප්‍රකාශ කරනු ලැබුවේ, ලිංගික දිශානතිය
වෙනස් ආකාරයකට පරිවර්තනය කිරීම එනම් සමලිංගිකයින් සුවපත් කිරීමට විවිධ සායනික
තෙරපී හෝ ආගමික යාතු කර්ම සිදු කිරීමේ අනිවාර්ය ප්‍රතිඵලයක් ලෙස එම ප්‍රතිකර්මයට
භාජනය වන පුද්ගලයන් තුළ මානසික ආතතිය, විෂාදය, අධික හිසරදය, හා ඇතැම් විට සියදිවි හානි කරගැනීම දක්වා ද ප්‍රතිඵල
ඇතිවිය හැකි බවයි.
මෙයට සමගාමීව බ්‍රිතාන්‍ය
රාජ්‍ය දෙපාර්තමේන්තුව සහ මනෝ වෛද්‍ය විද්‍යාලය එක්ව සිදුකරන ලද පර්යේෂණයක දී
අනාවරණය වූයේ, විවිධ සායනික
සහ ආගමික ක්‍රම මඟින් සමලිංගික පුද්ගලයන් විෂමලිංගික
බවට පරිවර්තනය කිරීමට උත්සාහ කිරීම තුළින් එම පුද්ගලයන් සදාකාලිකව මානසික හා කායික
රෝගවලට ගොදුරුවීමේ දැඩි අවදානමක් පවතින බවයි. පුද්ගලයකුගේ
ලිංගිකත්වය තීරණය වන්නේ බොහෝ විට හෝමෝන මගින් ඇති කිරීම ලබන පෙළඹවීම මතය. මෙය බලහත්කාර තෙරපී, ආඥා මගින් වෙනස්
කිරීමට නොහැකිය. එලෙස වෙනස්
කිරීමට උත්සාහ කිරීම අසාධාරණය.
මේ පිළිබඳව සිග්මන් ප්‍රොයිඩ්ගේ අනුගාමික පිරිස්
අදහස් දක්වමින් ප්‍රකාශ කරන්නේ, සමලිංගිකයන් විෂමලිංගික බවට පරිවර්තනය කිරීමට හැකියාවක්
පවතින්නේ නම් විෂමලිංගිකයින්ද සමලිංගිකයන් බවට පරිවර්තනය කළ හැකි විය යුතු
බවයි.
මේ නිසාම සමලිංගිකයන් සුවපත් කිරීම උදෙසා
සිදුකරනු ලබන තෙරපි සහ විවිධ යාච්ඥා
ඇමරිකාව, කැනඩාව, ඕස්ට්‍රේලියාව වැනි
රටවල වයස අවුරුදු 18 න් පහළ සමලිංගික ප්‍රජාව උදෙසා තහනම් කර ඇත . ඉක්වදෝරය, ස්විට්සර්ලන්තය
,මෝල්ටාව වැනි රටවල සමලිංගික තෙරපි ක්‍රම සපුරා තහනම්ය.
සමලිංගිකත්වය නිසා ලිංගික සම්ප්‍රේෂන රෝග වලට
ගොදුරු වීමේ අවදානම වැඩිද?
මෙය පූර්ණ සත්‍යයෙන් යුතු ප්‍රකාශයක් නොවේ. මෙය අදාළ වන්නේ බොහෝ
විට සමලිංගික පිරිමි පුද්ගලයන් වෙතය.එයට ප්‍රධාන හේතුව බවට පත්වන්නේ, ලෝකයේ ප්‍රථම වරට AIDS සොයා ගනු ලැබුවේ 1980 දී සමලිංගික පිරිමි
දෙදෙනෙකු මගින් වීමයි. සමලිංගික පිරිමින් හරහා ලිංගික රෝග සම්ප්‍රේෂණය
වීමේ හැකියාවක් පැවතුනත් එය ප්‍රමුඛතම අවස්ථාවක් නොවේ. ලංකාවේ වාර්තා වන
ඒඩ්ස් රෝගීන් 80% කට රෝගය ව්‍යාප්ත වී ඇත්තේ විෂමලිංගික ලිංගික ක්‍රියාවලියක්
හරහාය. ඉන් සියයට 14.5 ක් පමණක්
සමලිංගිකත්වය හරහා සමාජ රෝග වලට ගොදුරු වී ඇත. ඒ අනුව
පැහැදිලි වන්නේ ද ලිංගිකත්වය යනු සමාජ රෝග ව්‍යාප්ත වීමේ ප්‍රමුඛතම හේතුව නොවන බවයි.
ඔබට යම් දෙයක්
පිළිබඳව පිළිකුලක් හෝ අප්‍රසාදයක් පවතී නම් ඔබට ඒ දේ ලඟා කරගැනීමට හෝ ඒ දේ සමඟ
ජීවත් වීමට කිසිදු කැමැත්තක්
නොදක්වයි. අවශ්‍යතාවයක්
නොමැති එලෙසම සමලිංගික පුද්ගලයන්ට ද මාගේ ලිංගිකත්වයට ප්‍රතිවිරුද්ධ පුද්ගලයන්
පිළිබඳව පවතින්නේ පිළිකුලක් හෝ අප්‍රසාදයක් වැනි හැඟීමකි. එයට සමගාමීව ඔවුන්ගේ
ආකර්ෂණය ඇති වන්නේ තම ලිංගිකත්වයට සමානව පුද්ගලයන් වෙතය.එකී යථාර්ථයට පිටුපා ඔවුන්
විෂමලිංගික විවාහයකට හෝ සබඳතාවයට යොමු වන්නේ නම් ඔවුන් එය තමාගේම හෘදසාක්ෂියට
විරුද්ධව යෑමකි. ඒ හරහා සමාජය
ඉදිරියේ සුචරිතවාදියෙකු විය හැකි වුවත් එය සදාකාලික මානසික පීඩනයක් හිංසනයට බවට පත්වේ ේ නිසාම ඕනෑම පුද්ගලයෙකුට තම හදවතට එකඟව
ජීවත් වීමට, ක්‍රියා
කිරීමට පූර්ණ අයිතිය පැවතිය යුතුයි .
සම්මත අරලිය මලට පෙති 5කි. නමුත් පෙති 6 ඇති අරලිය මල්ද කලාතුරකින් හමුවේ. නමුත් අප කිසිවිට පෙති 6ක් ඇති බැවින් එය අරලිය මලක් නොවේ යැයි නොකියති. එය ස්භාවදහමේ නිර්මාණය කි. එලෙසම සමලිංගිකයන් ,ද්විලිංගිකයන්, සංක්‍රාන්ති ලිංගිකයන් යනු ද මිනිසුන්මය. ඔවුන් විකෘතියක් නොවේ.
ඔවුන්ගේ වචන ඉදිකටු තුඩටත් වඩා දරුණු ය.
ක්‍රිෂාන් සංක්‍රාන්ති ලිංගික
ඇගිලි 5ම එකවගේ නැත .සමලිංගිකයන්ට ගරු කළ යුත්තේ, ඔවුන්ද මනුෂ්‍යයන් වන නිසාවෙනි.
තෙහාන් (සමලිංගික)
No comments:
Post a Comment