පලස්තීන අර්බුදය
මෙම අර්බුදය ඇතිවීමට ප්‍රධාන හේතුව වූයේ පලස්තීන රාජ්‍යය තුළ යුදෙව්වන් පදිංචි කිරීමට බ්‍රිතාන්‍යය ගන්නා ලද උත්සාහයයි .ඒ අනුව බ්‍රිතාන්‍ය විදේශ ලේකම් , ආතර් බැල්පර් විසින් පලස්තීනයේ බ්‍රිතාන්‍ය ආණ්ඩුකාරවරයා වූ රොකස්චයිල්ඩ් සාමි වෙත ලිපියක් යවමින් කියා සිටියේ, පලස්තීනය තුළ යුදෙව්වන් සඳහා වෙනම රාජ්‍යයක් නිර්මාණය කළ යුතු බවයි. එසේම එයට බ්‍රිතාන්‍යයේ පූර්ණ අනුග්‍රහය හිමි වෙන බවත් ය. මේ සුප්‍රකට බැල්ෆර් ප්‍රකාශය නම් වේ. ඒ ආකාරයට යුදෙව්වන් පලස්තීනය තුල පදිංචි කරවීම හරහා පලස්තීන ජනතාවට කිසිදු හිරිහැරයක් නොවී ඔවුන්ගේ අයිතිවාසිකම් උල්ලංඝනය නොවිය යුතු බවද තවදුරටත් දක්වා තිබුණි . ඒ උත්සාහයේ ප්‍රතිඵලයක් ලෙස පලස්තීන රාජ්‍යය පලස්තීනය හා ඊශ්‍රායලය යනුවෙන් රාජ්‍යයන් දෙකකට බෙදා වෙන් කරන ලදී. එසේම ජෙරුසෙලම අගනගරය ද රටවල් දෙක අතර බෙදන ලදි. අවසානයේදී මේ තත්ත්වය් අර්බුදයක් දක්වා වර්ධනය වූ අතර 1967 සහ 1971 දි එකී ගැටුම් අරභයා ප්‍රධාන යුද්ධ දෙකක් ද ඇති විය. වර්තමානය වන විට විට පවා මේ අර්බුදය මුළුමනින්ම අවසන් වී නොමැත
යුදෙව්වන් සඳහා වෙනම මව්බිමක් නිර්මාණය කිරීමට බ්‍රිතාන්‍ය සහ ඇමරිකාව මූලිකත්වය ගෙන ක්‍රියා කළහ. එයට ප්‍රධාන හේතු වූයේ යුදෙව්වන්ට තමන්ගේම කියා මාතෘභූමියක් නොමැති වීමයි. පළවෙනි ලෝක යුද්ධයෙ දී ජර්මනිය තුල යුදෙව්වන් අතිබහුතරයක් ඝාතනය කළහ. තවත් පිරිසක් වෙනත් රටවලට සංක්‍රමණය වීය. එලෙස බ්‍රිතාන්‍ය සහ ඇමරිකාවට සංක්‍රමණය වූ යුදෙව් ඡාතිකයන් ප්‍රධාන පෙළේ ව්‍යාපාරිකයන් විය. ඔවුන්ට එම රාජ්‍යයන්ට බලපෑම් කිරීමට ද තමන්ගේ මූල්‍ය ශක්තිය මත හැකියාව පැවතුණි . මේ නිසා එවකට බ්‍රිතාන්‍ය භාරකාරත්වය යටතේ පැවති පලස්තීනය තුල යුදෙව්වන් පදිංචි කරවීමට අවධානය යොමු විය .එලෙස මුල් වරට අවධානය යොමු වූයේ 1897 දී තියඩෝර් හර්සල් කළ යෝජනාවකට අනුවයි .
මේ යෝජනාව පිළිබඳව පලස්තීන ජාතිකයින් තම විරුද්ධත්වය පළ කළ අතර තමන්ට ස්වයං පාලන අයිතිය ලබා දෙන ලෙස බලපෑම් කලේය .දෙන්නේ විතානයට බලපෑම් කලේය. එසේ ම එරට ට පැමිණෙන යුදෙව්වන් ආගමනය සීමා කරන ලෙසත් බ්‍රිතාන්‍යයට බලපෑම් කළේය. යුදෙව්වන්ට ඉඩම් නොවිකුණන ලෙසට ද සෙසු අරාබි ජාතිකයින්ට යෝජනා කළේය. නමුත් ජර්මනිය හිට්ලර්ගේ කූර පාලනය හමුවේ දහස් ගණනක් යුදෙව්වන් පලස්තීනයට ඇදී ආහ. එලෙස පැමිණි යුදෙව්වන්ට එරෙහිව 1937-1939 අතර කාලය තුල අරාබි කැරැල්ලක් ඇති විය . ඒ තත්ත්වය තුළ බ්‍රිතාන්‍ය විසින් මේ පිළිබඳව සාකච්ඡා කිරීමට පිල් කොමිසමක් පත්කළ අතර, ඔවුන්ගේ නිර්දේශය වූයේ පලස්තීන දෙකඩ විය යුතු බවයි. මේ යෝජනාව පලස්තීනය සහමුලින්ම ප්‍රතික්ෂේප කළේය. ඒ අනුව නැවත වරක් බ්‍රිතාන්‍ය විසින් වටමේස සාකච්ඡාවක් පවත්වා ධවල පත්‍රිකාවක් නිකුත් කළේය. එමගින් පලස්තීනයට පැමිණෙන යුදෙව්වන් වාර්ෂිකව 75000 සීමා කරන බව නිවේදනය කළේ ය. නමුත් මේ යෝජනාවෙන් ද පලස්තීන සෑහීමකට පත් නො වී ය .මේ අතරතුර යුදෙව්වන් විසින් තමන්ගේම රාජ්‍යයක් දිනා ගැනීමට ඇමරිකාව හා සමීප ව කටයුතු කළේය. 1942 දී ජාත්‍යන්තර යුදෙව් ඒජන්සිය ප්‍රධානීන්ගෙ යෝජනාවක් අනුව සියොන් වාදයේ මූලික ප්‍රතිපත්ති සකස් කරන ලදී. බ්‍රිතාන්‍යන් මගින් තම අරමුණ ඉටු නොවීම නිසා යුදෙව්වන් එකතු වී අන්තවාදී සංවිධානයක් බිහි කර ගත්තේ ය. ඔවුන් බ්‍රිතාන්‍ය තුළ තුළ නීති විරෝධී ක්‍රියාවල නිරත වෙමින් තම අප්‍රසාදය පළ කළේය. අරාබි ජාතිකයින් අමනාප කර ගැනීමට තිබූ අකමැත්ත නිසාම බ්‍රිතාන්‍යයන් විසින් යුදෙව්වන්ගේ යෝජනා ප්‍රතික්ෂේප කළේය. පලස්තීනය තුළ ද යුදෙව්වන්ගේ ත්‍රස්ත ක්‍රියාවන් දරුණු අතට හැරුනි. ඒ අනුව මේ තත්ත්වය පාලනය කිරීම සඳහා ඇමරිකාව සහ බ්‍රිතාන්‍ය එකතු වී 1946 දී කොමිෂමක් පත් කළේය . කොමිසමෙන් නිර්දේශ කළේ, වාර්ෂිකව යුදෙව්වන් 100000කට පලස්තීනයට පැමිණීමට ඉඩ දිය යුතු බවය. එකී යෝජනාවට ද දෙපාර්ශවයම එකඟ නොවී ය. ඒ අනුව නැවත වරක් 1946දී බ්‍රිතාන්‍ය සහ ඇමරිකාව එකතු වී එකතුවී Grady-mission කොමිසම පත් කළේ ය. මෙමගින් පලස්තීන තුළ පෙඩරල් රාජ්‍යයක් නිර්මාණය කිරීමට යෝජනා විය. නමුත් මෙවරත් දෙපාර්ශයම මෙම යෝජනාව ද ප්‍රතික්ෂේප කළේය.
ඉන් අනතුරුව දෙපාර්ශවය විසින් තනි තනිව තම තමන්ගේ යෝජනාව ඉදිරිපත් කළේ ය. යුදෙව්වන්ට අවශ්‍ය වූයේ ඔවුන්ගේ ම වෙන රාජ්‍යයකි . පලස්තීනය යෝජනා කලේ , එරට තුළ යුදෙව්වන්ට සුළු ජාතික රැකවරණය පමණක් ලබාදිය යුතු බවයි. නමුත් මෙම යෝජනා පිළිබඳව ද එකඟතාවයක් පත් නොවීය. 1947 දී නැවත වරක් එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලයේ ප්‍රධානීත්වයෙන් කොමිසමක් පත්කළ අතර , එමගින් ඉදිරිපත් කළ යෝජනා සම්බන්ධ දෙපාර්ශවයේම පොදු එකඟතාවයකට පැමිණීමට අපොහොසත් විය. ඒ අනුව කිසිදු එකඟතාවයකට පැමිණීමෙන් තොරව ම 1948 දී පලස්තීනය පිළිබඳ බ්‍රිතාන්‍ය අධිකාරිය අවසන් විය.
මේ පසුබිම තුල අරාබි ජාතිකයන් සහ යුදෙව්වන් අතර ගැටුම් ඇති වූ අතර යුදෙව්වන්ව අරාබියෙන් පළවා හරින ලදී. නමුත් යුදෙව්වන් එකතු වී ඊශ්‍රයාලය නමින් වෙනම රාජ්‍යයක් ප්‍රකාශයට පත් කළ අතර, ඇමරිකාව එදිනම එය රාජ්‍යතාන්ත්‍රික වශයෙන් පිළිගත්තේ ය. ඉන්පසුව සෝවියට් සමූහාණ්ඩුව ආදී රාජ්‍ය ගණනාවක් විසින් ද ඊශ්‍රායලය නිල වශයෙන් පිළිගැනීමෙන් පසුව ඊශ්‍රායලය නෛතික රාජ්‍යයක් බවට පත් විය.
මෙමඟින් කෝපයට පත්වූ ඊජිප්තුව, ඉරානය සිරියාව, ලෙබනනය, ජෝර්දානය ආදී අරාබි රටවල් ඊශ්‍රාලයට එරෙහිව ආක්‍රමණ සිදු කළේය . මේ ගැටුම් පිළිබඳව එක්සත් ජාතීන්ගේ මූලිකත්වයෙන් සාකච්ඡා වට කිහිපයක් පැවති අතර දෙපාර්ශවය අතර යුධ සමාදානයකට එළඹීමට හැකි විය. නමුත් එලෙස පැමිණි එකඟතාවයට වඩා වැඩි භූමි ප්‍රමාණයක් ඒ වනවිටත් ඊශ්‍රාලය සතුව පැවතුණි. මෙයට දේශපාලන විසඳුමක් ගෙන ඒමට උත්සාහ කළද දෙපාර්ශ්වයම එකඟතාවකට නොපැමිණීම නිසා එයද අසාර්ථක විය. අවසානයේදී ජෙරුසුලම අගනගරය ද දෙරට අතර බෙදුනු නගරයක් බවට පත් විය. තවමත් මේ ප්‍රශ්නය මුළුමනින්ම අවසන් වී නොමැත. කෙසේ හෝ අවසානයේදී මේ අර්බුදය මගින් සිදු වූයේ මව්බිමක් හිමිව තිබූ පලස්තීන ජාතිකයන්මව්බිමක් අහිමි සරණාගතයන් බවට පත් වීමයි.
No comments:
Post a Comment