පළමු රුසියානු විප්ලවය
පළමු රුසියානු විප්ලවය ඇතිවීමට ප්‍රධාන හේතුවක් වූයේ කාර්මිකරණය නිසා ඇති වූ විරැකියාව .කාර්මීකරණය නිසා කර්මාන්තශාලා 3000 ක් පමණ වසා දැමූ දැමු අතර කම්කරුවන් දෙලක්ෂයකට පමණ තම රැකියා අහිමි විය. බහුතර ඉඩම් වල අයිතිය ඉඩම් හිමියන් කිහිපදෙනෙකු අතර රැදුන අතර ගොවියන්ට ඔවුන් මත යැපීමට සිදුවිය. ඔවුන්ගේ ජිවන තත්ත්වය එන්න එන්න අපහසුතාවයන්ට පත් විය. ඒ අනුව කම්කරුවන් හා ගොවීන් එකට එකතු වී තම දුක් ගැනවිලි පෙත්සමක ලියා එය දෙවන නිකොලස් සාර් අධිරාජයා වෙත භාර දීම සඳහා ගමන් කළේය.ඒ පූජකවරයෙකු පෙරටු කරගත් පෙළපාලියකිනි. ගීතිකා ගායනා කරමින් ගමන් කල ඔවුහු පීටර්ස්බර්ග් හී සිසිර මාළිගාව වෙත ගමන් කළහ. එලෙස පෙත්සම භාර දීමට පැමිණි නිරායුධ සාමාන්‍ය ජනතාවට සාර්ගේ හමුදාව විසින් වෙඩි තබන ලදී. ඒ වෙඩි ප්‍රහාර හමුවේ සාමාන්‍ය ජනතාව දහස් ගණනක් මිය ගියහ. මේ සිදුවීම 1905 ජනවාරි නම වෙනි ඉරිදා දින සිදු වූ අතර ඉන් පසුව එම සිදුවීම ලේ ඉරිදාව නමින් ප්‍රකට විය.
මේ සිදුවීමත් සමග කම්කරුවන්, ගොවීන්, ශිෂ්‍ය ක්‍රියාකාරීන් හා සාමාන්‍ය ජනතාව සාර් පාලනයට එරෙහිව උද්ඝෝෂණ, සටන් ව්‍යාපාර ගෙන ගියහ. කම්කරුවන් වැඩබිම් වල බලය අල්ලා ගත් අතර, මුහුදු මුහුදේ නවත්වා තිබූ නැව්වලට ද මේ තත්ත්වය පැතිර ගියේය. ඒ පොත්යොමිනික් යුද නැවේ ඇති වූ කැරැල්ලෙන් පසුවයි. මේ සිදුවීම පිළිබඳව පසුව ලෙනින් පවසා තිබුනේ, “ 1905 සිදුවීම මගින් අක්‍රීය රුසියාව විප්ලවකාරී මහජනතාවකින් යුතු සක්‍රීය රුසියාවක් බවට පරිවර්තනය කළ බවයි”.
මේ උද්වේගකාරී තත්ත්වය මර්දනය කිරීමට සාර් අධිරාජයා විසින් අගමැති සෙර්ගෙයි ගේ උපදෙස් මත ඔක්තෝම්බර් ප්‍රකාශය නමින් ප්‍රතිසංස්කරණ වැඩපිළිවෙළක් ඉදිරිපත් කළේය. ඒ හරහා ඩූමාවක් පිහිටුවීම (නියෝජිත මන්ත්‍රි මණ්ඩලයක් සහිත පාර්ලිමේන්තුවක්) ,හා මූලික මිනිස් අයිතිවාසිකම් තහවුරු කිරීමට යෝජනා විය. මේ යෝජනා ක්‍රියාත්මක කිරිමට Oktyabrist නමින් අර්ධ වංශවතුන්, ව්‍යාපාරිකයන්ගෙන් සමන්විත ලිබරල්වාදී පක්ෂයක් බිහිකළේය. මේ පක්ෂයට ඩුමාවේ එනම් පාර්ලිමේන්තුවේ බහුතර නියෝජනයක් හිමි විය .
උද්ඝෝෂකයන් මෙම ප්‍රතිසංස්කරණ වලින් සෑහීමකට පත් නොවූ අතර කැරලි කෝලහාල සහ විප්ලව ව්‍යාපාරය දිගටම පවත්වා ගෙන ගියේය. මොස්කව්, ඌරල්හි, ලැටිවියාව ආදී ප්‍රදේශවල ආයුධ සන්නද්ධ ගැටුම් පවා ඇති විය . ආණ්ඩුව විසින් ඒවා තම බලය යොදා නිර්දය ලෙස මර්දනය කරන ලදී. බොල්ෂේවික්වාදීන් විසින් මේ සටන්වල නායකත්වය ගත් අතර, මේ කාලය තුළදී විදේශ ගතවී සිටි ලෙනින් පවා නැවත සිය රටට පැමිණියේය. බොල්ෂේවික් පක්ෂයට රුසියානුවන් බහුතරයකගේ සහාය හිමි විය .
සාර් අධිරාජ්‍යවාදය විසින් මේ කැරැල්ල කෲර ලෙස මර්ධනය කරන ලදී. ඉන් අනතුරුව බොල්ෂෙවික්වාදීන්ට එරෙහිව ද විශාල මර්දනකාරී ව්‍යාපාරයක් රැගෙන ගියේය. එහි ප්‍රධානින් ගණනාවක් අත්අඩංගුවට ගත් අතර එහි නායක ලෙනින් නැවත විදේශ ගත විය. මේ තත්ත්වය යටතේ පක්ෂයට සංවිධානාත්මකව පසු පසුබැසීමට සිදු විය. ඒ අනුව 1907 වන විට විප්ලවයේ මුළුමනින්ම පරාජයට පත් කරන්නට සාර් පරිපාලනයට හැකිවිය .
පලමු විප්ලවය මේ ආකාරයට අසාර්ථක වුවද එය සාර්ථක විප්ලවයකට මාර්ගය විවර කළේය. කම්කරු පන්තියේ නායකත්වයෙන් ජනතා ව්‍යාපාර හා එක්ව මේ නැගිටීම සිදු වූ අතර ඒ ඒකාධිපති සාර් පාලනයෙන් ජනතාවගේ අයිතිවාසිකම් දිනා ගැනීමට ය. මෙය සාර් පාලනයට එරෙහිව එල්ල වූ පළමු ප්‍රහාරය වූ අතර එමගින් ඔහුගේ අධිරාජ්‍යවාදී පාලනය දුර්වල විය. මෙම පළමු විප්ලවය පිළිබඳ ව පසුකාලීනව ලෙනින් ප්‍රකාශ කර සිටියේ, “ 1905 විප්ලවයේ වැනි අත්දැකීම්වලින් පාඩම් ඉගෙන නො ගත්තේ නම් ධනේශ්වරයන්ගේ පෙබරවාරි විප්ලවයත්, නිර්දන පන්තියේ ඔක්තෝබර් විප්ලවයත් යන දෙකම අසාර්ථක වන්නට ඉඩ තිබුණු බව.
No comments:
Post a Comment